රටේ දුප්පත්කම ඉහළ යයි

උද්ධමනය ඉහළ යාම සහ ආර්ථික ක්‍රියාකාරිත්වය පහළ යාම හේතුවෙන් රටේ දුප්පත්කම 25% දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ 5%ක් වූ අපේක්ෂිත උද්ධමනය එම මට්ටමට වඩා ඉදිරි මාස කිහිපයේ දී ඉහළ යනු ඇති බවයි.

එසේම මේ වසරේ තුන්වන සහ හතරවන කාර්තුවලදී ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව ද මහ බැංකු අධිපතිවරයා මෙහි දී පවසා තිබෙනවා