කොළඹට පැය 15 ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ වලට හෙට පස්වරු 5 සිට අනිද්දා පෙරවරු 8 දක්වා ජල සැපයුම අත් හිටවෙනු ඇත.

සිදුවන අපහසුතාවයන් මඟ හරවා ගැනීම සඳහා අවශ්‍ය ජලය කල් තබා රැස් කර ගන්නා ලෙස ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දීමක් සිදු කරනවා.