අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව අපහසුතාවට පත්ව සිටි අනුරාධපුර දිස්ත්‍රික්කයේ උඳු සහ සෝයා බෝංචි ගොවීන්ගේ අස්වනු මිල දී ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව උදු කිලෝග්‍රෑමයක් රුපියල් 400ක් බැගින් බීජ සඳහා මිල දී ගන්නා ලෙස යි කෘෂිකර්ම අමාත්‍යවරයා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙන්නේ.
එසේම අනුරාධපුර සෝයා බෝංචි ගොවීන්ගේ කිලෝග්‍රෑම් ලක්ෂ 05ක මුළු අස්වැන්නම මිල දී ගැනීමට ආහාර ප්‍රවර්ධන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
සෝයා බෝංචි කිලෝග්‍රෑමයක් රුපියල් 250 බැගින් මිල දී ගැනීමට ඔවුන් තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

