2023 එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා.
කාසියේ වාසිය දිනා ගත නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා.
එහි දී පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී එංගලන්ත කණ්ඩායමට රැස් කර ගත හැකි වියේ ලකුණු 282 කි.
එංගලන්ත කණ්ඩායමේ Joe Root පන්දු 86කට ලකුණු 77ක් ද, නායක Jos Buttler පන්දු 42කට ලකුණු 43ක්ද, Jonny Bairstow පන්දු 35කට ලකුණු 33ක්ද ලබා ගැනීමට සමත් වුණා.
ලකුණු 283 ක ඉලක්කයක් හඹා යමින් පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 02ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 283ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.

