හිස් වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ (CPSTL) තනතුරු සඳහා නව පත්වීම් ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කරනවා.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ (CPSTL) නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත් කර තිබෙනවා.
එසේම CPC හි කළමනාකාර අධ්යක්ෂ ධූරය දරන දර්ශන රත්නායක මහතා CPSTL හි කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස පත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.



