ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක පැතිර යමින් තිබෙන නිපා වෛරසය හේතුවෙන් මෙරට ඌරු මස් පරිභෝජනය අඩු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.
මේ හේතුවෙන් ඌරු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ගැටලු රැසකට මුහුණපා සිටින බව යි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත් පශු සම්පත් අංශයේ නිලධාරීන් අවධාරණය කළේ එම වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ අවධානමක් මෙතෙක් හට ගෙන නොමැති බැවින් මෙරට නිෂ්පාදනය කරන ලද ඌරු මස් පරිභෝජනයට බිය විය යුතු නැති බවයි.
එමෙන්ම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ සියලුම ඌරු ගොවිපළවල් අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර තිබෙනවා.

