එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක කෙවින් මැකාති (Kevin McCarthy) විශ්වාසභංගයකින් පරාජය වී තිබෙන බව වාර්තා වෙනවා.
රිපබ්රිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 08ක් සහ ඩිමොකටික් පක්ෂයේ මන්ත්‍රීවරුවන් 208 දෙනෙකු මෙම විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයෙකු විශ්වාසභංගයකින් පරාජය වූ පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය ජනවාරි මාසයේ ඡන්ද වට 15 කින් පමණ පසු කථානායක ධූරයට පත් මැකාති සඳහන් කර ඇත්තේ තමා නැවත කථානායක ධුරයට තරග කිරීමට අදහස් නොකරන බවයි.

