මාස 11 කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් යළි දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ ඕස්ට්‍රේලියානු අධිකරණයේ දී තරුණියකට ලිංගික අපයෝජන සිදු කිරීමේ චෝදනාවෙන් නිවැරදිකරු වීමෙන් අනතුරුවයි.
මෙසේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදිකරු වීමෙන් අනතුරුව වුවද ධනුෂ්කට පනවා ඇති තාවකාලික ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් තීරණයක් ප්‍රකාශයට පත් කර නොමැත.
කෙසේවෙතත් අද ගුවන්තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධනුෂ්ක ප්‍රකාශ කර සිටියේ ඔහු සිය පුහුණුවීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සූදානමින් සිටින බවයි.

