භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙක්ට

මෙම වසරේ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය Pierre Agostini, Ferenc Krausz සහ Anne L’Huillier යන විද්‍යාඥයන් තිදෙනාට හිමි වී තිබෙනවා.

ඒ පරමාණු තුළ ඇති වේගවත් ක්‍රියාවලීන් ග්‍රහණය කර ගැනීමට සහ අධ්‍යයනය කිරීමට භාවිතා කළ හැකි අතිශය කෙටි ආලෝක ස්පන්දන නිර්මාණය කිරීමේ ක්‍රමයක් සම්බන්ධව ඔවුන් විසින් සිදු කරන ලද පරීක්ෂණ සඳහා යි.

ඉලෙක්ට්‍රෝන යනු පරමාණු තුළ ඇති අංශු වන අතර ඒවා ඇදහිය නොහැකි තරම් වේගයෙන් එනම් තත්පරයකින් බිලියනයෙන් එකක පමණ වේගයකින් යුතුව සිය චලන සිදු කරනු ලබනවා.

මින් පෙර ඉලෙක්ට්‍රෝන දියුණු අන්වීක්ෂ යටතේ වුවද බොඳ වී දර්ශනය වූ අතර ඒවායේ චලනය සහ හැසිරීම වඩාත් වේගවත් වීම නිසා ඒ සම්බන්ධ අදහසක් ලබා ගැනීම සහ පරීක්ෂණ කිරීම ඉතාම අපහසු කටයුත්තක් වී තිබුනා.

මෙම විද්‍යාඥයන් තිදෙනා සිදු කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස ඉලෙක්ට්‍රෝන වල එම චලන දැන් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ලැබී තිබෙනවා.