බස්නාහිර පළාතට නව ගුරුවරු 4,000 ක්

බස්නාහිර පළාතේ පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් 4,000ක් සිදු කිරීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක පවසනවා.

විශේෂයෙන් ඉංග්‍රීසි හා දමිල භාෂා ඉගැන්වීම සඳහා ගුරුවරුන් නොමැතිවීම ගැටලුවක් වී ඇති බවයි ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ අනුව දැනට මෙම පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා ඇති අතර ඉදිරියේ දී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බව යි ඔහු සඳහන් කරන්නේ.