ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ (CPSTL) සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඊට අදාළ ලිපිය අද විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.
අමාත්‍යවරයා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මීට මාස 14කට පෙර වඩා අභියෝගාත්මක කාලසීමාවක දී එම ධුරය භාරගෙන ඔහු විසින් කරන ලද කැපවීමට සහ සේවයට ස්තූතිවන්ත වන බවය.
පෞද්ගලික සහ වෘත්තිමය හේතූන් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දුන් බවද අමාත්‍යවරය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

