කාසල්රි සහ මවුස්සාකැලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කරනවා.
අද පෙරවරුව වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම අඩි 140 දක්වාත්, මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 108 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
ජලාශ දෙකේම ජල ධාරිතාව 90% දක්වා ඉහල ගොස් ඇති නිසා විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි ඉංජිනේරුවරුන් සඳහන් කරන්නේ.
එසේම මෙම වර්ෂාපතන තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් එම ජලාශ පිටාර ගැලිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

