මැලේරියා එන්නතක් සඳහා සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

Oxford විශ්වවිද්‍යාල මඟින් නිපදවා ඇති R21/ Matrix – M නම් මැලේරියාව සඳහා වූ දෙවැනි එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව මැලේරියා රෝගයට ගොදුරු වීමේ අවදානමක් ඇති ළමයින් තුළ එම රෝගය වැළඳීම වැලැක්වීම සඳහා මෙම එන්නත නිර්දේශ කරන බවයි WHO ප්‍රධානි ටෙඩ්‍රෝස් අද්නාම් සඳහන් කළේ.

මීට වසර දෙකකට පෙර පළමු මැලේරියා එන්නත වන RTS,S එන්නත වඩාත් පුළුල්ව භාවිතය නිර්දේශ කරනු ලැබුවා.

මෙම එන්නත 2024 වසරේ මැද භාගය වන විට ලබා ගැනීමේ හැකියාවක් පවතින බවත් එහි එක් මාත්‍රාවක මිල ඩොලර් 2 සිට 4 ක් දක්වා විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.