උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් කරන ලද සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කරනවා.
ඒ අනුව 2023 උසස් පෙළ විභාගය පවත්වා අවසන් වූ වහා ම උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පැවැත්වීමට සැලසුම් කර ඇති වෘත්තීය පුහුණු පාඨමාලා දීපව්‍යාප්ත මට්ටමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වාදෙනවා.
එසේම ඉදිරියේ දී පවත්වනු ලබන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ද විභාගය අවසන් වීමෙන් පසු වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරනු ඇත.
උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ගෙන් 50%කට වැඩි පිරිසක් මෙම පාඨමාලා සඳහා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

