මාලදිවයිනට චීන හිතවාදී ජනාධිපතිවරයෙක්

මාලදිවයින්ගේ වත්මන් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ් පරාජයට පත් කරමින් 45 හැවිරිදි මොහොමඩ් මුයිසු මාලිදිවයින්ගේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබෙනවා.

‘ඉන්දියාව ඉවතට’ යන සටන් පාඨය ඔස්සේ මොහොමඩ් මුයිසු සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය සිදු කර තිබෙනවා.

මාලදිවයිනේ මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මුයිසු 54.06% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන සිය ජයග්‍රහණය සනිටුහන් කර ඇති බවයි.

ඔහු 2012 වසරේ මාලදිවයිනේ නිවාස අමාත්‍යවරයා ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කර තිබෙනවා.