ඉන්ධන මිල සංශෝධනය හෙට

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට මධ්‍යම රාත්‍රීයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරනවා.

සෑම මසකම පළමු වන දින ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව තිබුණත් අද ඉරිදා දිනයක් හේතුවෙන් එය හෙට ට කල් ගොස් තිබෙනවා.

ඒ අනුව මේ මාසයට අදාළ නව ඉන්ධන මිල ගණන් අනිද්දා සිට ක්‍රියාත්මක කරනු ඇත.

මේ අතර මෙවර ගෑස් මිල සංශෝධනය ද ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙනවා.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට අනුව මෙවර මිල සංශෝධනයේ දී ද ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බවයයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.