රාජ්‍ය අංශයේ සේවකයන්ට රුපියල් 1,000ක අවම දීමනාවක් මෙන්ම විශ්‍රාමිකයන් සඳහා ද ඊට සමගාමී වැඩිවීමේ යෝජනාවක් 2024 අය-වැය යෝජනාවලියට ඇතුළත් කිරීමට සැලසුම් කරන බව මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ හැරුණු කොට සෞඛ්‍ය අංශයේ අයට, ගුරුවරුන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහ තවත් වෘත්තීන් කිහිපයක සිටින අයට වසර 60කින් ඔබ්බට සේවා දිගු ලබා දීමට හැකි වන පරිදි ප්‍රතිපාදන සකස් කිරීමේ යෝජනාවක් ද මීට ඇතුලත් කර තිබෙනවා.
එසේම දැඩි මුදල් හිඟය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) වැනි ආයතන වසරක් ඇතුළත අවසන් කළ හැකි ව්‍යාපෘති සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
වසරක් ඇතුළත අවසන් කළ හැකි ව්‍යාපෘති සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා ගොඩනැඟිලි කුලියට ගැනීම සහ වාහන බදු දීම, ගෘහ භාණ්ඩ හා උපකරණ මිල දී ගැනීම මෙන්ම කාර්යයන් සඳහා වන වියදම් සීමා කිරීම වැනි අනවශ්‍ය වියදම් කපා හැරීමට ද මේ හරහා පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

