මේ දිනවල පවතින වර්ෂාපතන තත්වයත් සමග යළිත් ඩෙංගු මදුරු කීට ඝණත්වය ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසනවා
වියළි කාලගුණයත් සමග පහල ගොස් තිබූ බ්‍රිටෝ දර්ශක අගය මේ වන විට වැඩි වෙමින් පවතින බවයි සභාපති නජිත් සුමනසේන මහතා පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් ඉදිරියේ දී ඩෙංගු රෝගීන් ගේ වැඩි වීමක් ද අපේක්ෂා කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වාර්තා පෙන්වා දෙන්නේ මේ මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,500 ක් වාර්තා වී ඇති බවයි

