පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල ප්‍රධානි සහ නියෝජ්‍ය මහා ලේකම් තනතුර ඇතුළු තවත් තනතුරු 9 ක් විශ්‍රාම වැටුප් සහිත තනතුරු බවට පත් කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම තනතුරු සියල්ලටම පෙර දාතම් යොදා විශ්‍රාම වැටුප් හිමිකම සලසා තිබෙන බවයි එහි සඳහන් වෙන්නේ.
ඒ අනුව නියෝජ්‍ය මහා ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානි තනතුර සඳහා 2016.02.23 දින සිට ද, සෙසු තනතුරු සඳහා 2018.09.18 දින සිට ද විශ්‍රාම වැටුපට හිමිකම් කියනු ඇත.

