පතිත වන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර, කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක පවුල් 164ක පුද්ගලයන් 644ක් ඊයේ පස්වරුව වන විට ආපදාවට ලක්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
එසේම නිවාස 36 ක ට ද අර්ධ ලෙස හානි සිදු වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.
නිල්වලා, ගිං, සහ කළු ගංගාවල ද්‍රෝණිවල මෙන්ම කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් අද පෙරවරුව දක්වා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබූ දෙවැනි සහ පළමු අදියරේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් ද අද දහවල් 12 දක්වා වලංගු වන පරිදි දීර්ඝ කර ඇත.
ඒ අනුව නෙළුව, ඉංගිරිය, පස්බාගේ කෝරළය, පිටබැද්දර, කොටපොළ, කලවාන, අයගම, ඇහැළියගොඩ, රත්නපුර, ඇලපාත, කුරුවිට, පැල්මඬුල්ල, නිවිතිගල, කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් පිළිබඳ අවධානයෙන් පසු වීමේ දෙවැනි අදියරයේ නිවේදනය ද ඇල්පිටිය, වලස්මුල්ල, මතුගම, වළල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, දෙහිඕවිට, කෑගල්ල, මුලටියන, අතුරලිය කොළොන්න, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් පිළිබඳ විමසිලිමත් වීමේ පළමු අදියරේ නිවේදනය ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

