චැනල් 4 නාලිකාවෙන් වන්දි ඉල්ලීමට පොහොට්ටුවෙන් යෝජනාවක්

පසුගිය දා පළවූ චැනල් 4 නාළිකාව ප්‍රචාරය කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ වීඩියෝ පටය හේතුවෙන් සිය පක්ෂ නායකතවයට සිදු වූ අපකීර්තිය මුල් කර ගනිමින් චැනල් 4 නාලිකාවෙන් වන්දි අය කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

අදාළ වීඩියෝ පටය ව්‍යාජ බවට චැනල් 4 නාළිකාවේ අධ්‍යක්ෂ හා විධායක නිෂ්පාදක පසුගිය දා පිළිගෙන ඇති බැවින් මෙලෙස වන්දි ඉල්ලිය යුතු බවයි පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර ඇත්තේ.

මැතිවරණ සමයක් ළඟ එන මොහොතක මෙවැනි ක්‍රියා සිදු කිරීම නිසා පක්ෂයට විශාල හානියක් සිදු වන බවයි එම පිරිස වැඩිදුරටත් අවධාරණය කරන්නේ.