මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා විවෘත කළ වී අලෙවි මණ්ඩලයේ ගබඩා අදින් පසුව වසා දැමීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මෙහෙයුම් ගාස්තු ඉහළ යාම හා ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකිරීම හේතුවෙන් මෙලෙස ගබඩා වසා දැමීමට තීරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ.
මෙවර යල කන්නයේ දී නාඩු වී කිලෝවක් රුපියල් 95ක්, සම්බා වී රුපියල් 100ට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 105 බැගින් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය පියවර ගෙන තිබුණ නමුත් පෞද්ගලික අංශය විසින් මීට වඩා ඉහළ මිල ගණන් යටතේ වී මිල දී ගැනීම හේතුවෙන් ගොවින් වී අලෙවි මණ්ඩලයට වී ලබා නෙදෙන බවයි වාර්තා වෙන්නේ.
හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් 2කට රුපියල් 40,000ක් බැගින් සහනාධාර මෙන්ම යල කන්නයට අවශ්‍ය මඩ පොහොර නොමිලයේ ලබා දුන්න ද ගොවි ජනතාව වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමට පියවර නොගත් බවටයි අමාත්‍යංශය චෝදනා කරන්නේ/

