විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

2024 වසර සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3860ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 203ක පමණ වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

මෙවර වැඩිම ඇස්තමේන්තුගත වියදම දක්වා ඇත්තේ රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 885ක් ලෙස සඳහන් වනවා.

එසේම දෙවනුව වැඩිම ඇස්තමේන්තුගත වියදම මුදල්,ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති අතර එය රුපියල් බිලියන 722ක් ලෙසයි දැක්වෙන්නේ.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 423ක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 410ක් ද, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 236 ක් ද එම පනතේ දක්වා තිබෙනවා.