ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරඟය අද

2023 එක්දින ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරඟය අද බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ගුවහාතී බර්පසරා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර පස්වරු 1.30ට තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සිදු කරනු ලබනවා.

මේ හැරුණු කොට අද තවත් පුහුණු තරඟ දෙකක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර සහ පාකිස්තානය සහ නවසීලන්තය අතර යි.