මහනුවර යුගයට අයත් සිතුවම් සංරක්ෂණය කිරීමේ වැඩසටහනක්

විහාරස්ථාන 14ක මහනුවර යුගයට අයත් සිතුවම් සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට කතළුව රජමහා විහාරය හා මිරිස්සේ සමුද්‍රගිරි විහාරය යන විහාරස්ථාන වල සංරක්ෂණ කටයුතු අවසන් කර ඇති බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා සඳහන් කළේ.

එසේම කහවිල්ගොඩ විහාරස්ථානයේ චිත්‍ර සංරක්ෂණය මේ සතියේ ආරම්භ කර ඇති බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.