ඔක්තෝම්බර් පළමුවෙනි දා ට යෙදී ඇති ලෝක ළමා දිනය මූලික කර ගෙන දෙහිවල සත්ත්වෝද්‍යානයේ විශේෂාංග රැසක් සංවිධානය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.
එදිනට දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහා නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ද ලබා දී තිබෙනවා.
ලෝක ළමා දින සමරුම් උත්සවය ඔක්තෝම්බර් පළමුවෙනි දින පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා දෙහිවල සත්ත්වෝද්‍යාන පරිශ්‍රය තුළ පැවැත්වීමට සියලු කරයුතු සූදානම් කර ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

