යළිත් විදුලි බිල වැඩි කිරීමේ ඉල්ලීමක්

පසුගිය කාල සිමාවේ දී රට පුරා පැවති නියං කාලගුණ තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව 2024 ජනවාරි මාසයේ සිදු කිරීමට නියමිත ගාස්තු සංශෝධනය ලබන ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට ඉල්ලීම් කළ බවයි විදුලිබල මණ්ඩලයේ සාමානාධීකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේ විදුලි බල මණ්ඩලයේ එම ඉල්ලීම සලකා බැලීමට නියමිත බවයි.

එසේම ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසා බැලීමක් සිදු කිරීමට කොමිසම තීරණය කර ඇති අතර ඒ අනුව මහජන අදහස් ඔක්තෝබර් 18 ට වනදාට පෙර කොමිසමට ලබා දින හැකි වනවා.