පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ මුහම්මද් නබිතුමාගේ උපන්දිනය සැමරීම සඳහා පවත්වමින් තිබුණු ආගමික රැස්වීමකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මේ වන විට ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් ඇති බව යි පකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි ජාවෙඩ් ලෙහ්රි කියා සිටියේ සිද්ධියට සම්බන්ධ බෝම්බකරු නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයා වන නවාස් ගිෂ්කෝරිගේ වාහනය අසල දී සිය බෝම්බය පුපුරුවා ගත් බවයි.
ඒ අනුව ප්‍රහාරයෙන් එම පොලිස් අධිකාරිවරයා මිය ගොස් ඇති අතර තුවාල ලැබූ අනෙකුත් පුද්ගලයන් ළඟම වූ රෝහල් වෙත රැඟෙන ගොස් තිබෙනවා.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති වුවත් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මෙය බලුකිස්තානයේ ත්‍රස්තවාදී කොටසක් විසින් සිදු කරන ලද්දක් බවට තහවුරු කර තිබෙනවා.

