Meta සමාගම සිය යෙදවුම් වලට එකතු කරන නවතම AI විශේෂාංග

Meta Connect 2023 යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් Meta සමාගම විසින් සිය සමාජ ජාලා යෙදවුම් වන WhatsApp, Facebook messenger, Instagram යන ඒවාට ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිත AI විශේෂාංග පිලිබඳ දැනුවත් කර තිබෙනවා.

පහත දැක්වෙන්නේ නම් නිවේදනයේ සඳහන් කරන ලද විශේෂාංග අතුරින් කිහිපයක්

  1. Meta AI stickers

අනෙකුත් AI art generators වල ආකාරයෙන් ඔබ යම් විස්තරයක් ඉදිරිපත් කළ විට ඊට අනුරූප stickers ලබා ගත හැකි වන ආකාරයට මෙය සකසා තිබෙනවා. මෙම Stickers ඉදිරි මාසය තුළ තෝරාගත් පරිශීලකයන් වෙත හඳුන්වා දීමට නියමිත අතර WhatsApp, Messenger, Instagram සහ Facebook Stories සඳහා මෙම පහසුකම ලබා ගත හැකි වනවා.

  1. AI image editing

Instagram සඳහා හඳුන්වා දෙන විශේෂාංගයක් වන මෙහි photos upload කර එයට දිය සායම් ආකාරයේ වැනි විවිධ effects ඇතුළත් කර හැකි වනවා. එසේම එහි background එක replace කිරීමේ පහසුකමක් ද සපයා තිබෙනවා.

  1. Meta AI assistant

ChatGPT, Bing Chat සහ Google Bard ට සමාන AI assistant කෙනකේ Meta සමාගම විසින් ද හඳුන්වා දී තිබෙන අතර එය Llama 2 මඟින් ක්‍රියා කරනු ලැබෙනවා. එය අනෙකුත් Chat bots ආකාරයෙන් ම අප අසන ප්‍රශ්න වලට පිළිතුරු යොමු කරන ඇතැම් පිළිතුරු දෝෂ සහිත ඒවා විය හැකි වනවා.

  1. AI celebrity chatbots

මෙය තරමක් වෙනස් ආකාරයේ හඳුන්වා දීමක් වනවා. Meta AI වලට අමතරව පරිශීලකයන් හට WhatsApp, Messenger සහ Instagram හි විවිධ AI chatbots 28කට පණිවිඩ යැවිය හැකි වනවා. ඒ අතරින් සමහරක් ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිපදෙනෙක් ගේ මුහුණුවර භාවිතා කරමින් සකසන ලද AI characters වනවා. ඒවා සමඟ chat කරන විට තිරයේ කෙළවරේ window එකෙහි එම character හි video feed එකක් පෙන්වන ලෙස සකස් කර තිබෙනවා. මිට අමතව ඉදිරියේ දී එම පුද්ගලයන්ගේ කටහඩ ද මේ සඳහා එකතු කිරීමට බලාපොරොත්තු වන බවයි Meta සමාගම සඳහන් කරන්නේ.

පහතින් දැක්වෙන්නේ ඔවුන් එලෙස හඳුන්වා දුන් celebrity chatbots කිහිපයක්,

  • Charli D’Amelio as Coco, dance enthusiast
  • Chris Paul as Perry,a pro golfer helping you perfect your stroke
  • Dwyane Wade as Victor, an Ironman triathlete motivating you to be your best self
  • Izzy Adesanya as Luiz, a showy MMA prospect who can back up his trash talk
  • Kendall Jenner as Billie, a no-BS, ride-or-die companion
  • LaurDIY as Dylan, a quirky DIY and craft expert and companion for Gen Z
  • MrBeast as Zach, the big brother who will roast you because he cares
  • Naomi Osaka as Tamika, an anime-obsessed Sailor Senshi in training
  • Paris Hilton as Amber, your detective partner for solving whodunnits
  • Raven Ross as Angie, a workout class queen who balances fitness with meditation
  • Roy Choi as Max, a seasoned sous chef for culinary tips and tricks
  • Sam Kerr as Sally, a free-spirited friend who’ll tell you when to take a deep breath
  • Snoop Dogg as Dungeon Master, with whom you can choose your own adventures
  • Tom Brady as Bru, a wisecracking sports debater who pulls no punches