පසුගිය සති කිහිපය තුළ පමණක් ඩෙංගු හේතුවෙන් බංගලාදේශයේ පුද්ගලයන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.
බංගලාදේශයට ඇද හැලෙන මෝසම් වර්ෂාව හේතුවෙන් එරට මදුරු ගහනය විශාල ලෙස වර්ධනය වී තිබීම හේතුවෙන් මෙලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බංගලාදේශ සෞඛ්‍ය නිලධාරීන් මහතා පරිශ්‍රමයක් දරමින් සිටින අතර වැඩිවන රෝගීන් සංඛ්‍යාව හේතුවෙන් රෝහල් පද්ධතිය ද අඩාල වෙමින් පවතින බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
2000 වසරේ පටන් මේ දක්වා කාලය තුළ වරින් වර මෙලෙස ඩෙංගු වසංගත තත්ත්ව බංගලාදේශයේ ඇති වී තිබෙනවා.

