Harry Potter චිත්‍රපටයේ මහාචාර්ය Albus Dumbledore ගේ චරිතයට පණ පෙවූ Sir Michael Gambon අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට 82 හැවිරිදි වියේ පසු වූ ඔහු නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බවයි ඔහුගේ පවුලේ අය සඳහන් කරන්නේ.
රුපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් මෙන්ම විවිධ චිත්‍රපට ගණනාවකටම රංගනයෙන් දායකත්වය ලබා දුන් Gambon ඩබ්ලින් හි උපත ලැබ කුඩා කාලයේ දී ලන්ඩනයට සංක්‍රමණය වී තිබෙනවා.
පෞරාණික තුවක්කු සහ ඔරලෝසු මෙන්ම මෝටර් රථ එකතු කිරීමට දැඩි රුචිකත්වයක් ඔහු තුළ තිබූ අතර ඔහු 2004 වසරේ දී ගාඩියන් පුවත්පතෙහි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිට ඇත්තේ ඔහු සෑම විටම වෙනස් දේවල් එකතු කරන්නෙක් බවයි.
1962 වසරේ දී ඩබ්ලින් හි Gate රඟහල විසින් නිෂ්පාදනය කරන ලද Othello හරහා සිය වෘත්තීය ජිවිතයට පිවිසි ඔහු පසුකාලීනව Shakespear විසින් රචිත නාට්‍ය කිහිපයකම ප්‍රධාන චරිත රඟපානු ලැබුවා.
2022 වසරේ දී Richard Harris ගේ අභාවයෙන් පසුව Harry Potter චිත්‍රපටයේ Hogwarts හි Headmaster වන Dumbledore ගේ චරිතයට පණ පෙවීම නිසා ඔහු වඩාත් ජනප්‍රිය වූවා.
සිය වෘත්තීය ජීවිතය තුළ Gambon බ්‍රිතාන්‍ය ඇකඩමි රුපවාහිනි සම්මාන උළලේ දී හොඳම නළුවාට හිමි සම්මානය කිහිපවරක් දිනා ගනු ලැබූ අතර Emmy සම්මාන දෙකක් සඳහා ද ඔහු නිර්දේශ වී තිබෙනවා.

