පවතින අධික වර්ෂාපතන තත්තත්වයත් සමඟ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් ඒ ආශ්රිත ජනතාවට ඇති විය හැකි ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
විශේෂයෙන් කුඩා ගඟ ද්‍රෝණියේ පාලින්ද නුවර සහ බුලත්සිංහල අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානමෙන් පසුවන ලෙසට යි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
එසේම එම පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ද යට වීමේ අවදානමක් ඇති බැවින් රියදුරන්ට ද ඒ සම්බන්ධව විමසිලිමත්ව කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

