ලිංගික අතවර නඩුවෙන් ධනුෂ්ක නිදොස් කොට නිදහස් කරයි

ලිංගික අතවර චෝදනාවකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ඊට අදාළ තීන්දුව ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

32 හැවිරිදි ධනිෂ්ක ගුණතිලක පසුගිය නොවැම්බර් මාසයේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටිය දී ටින්ඩර් සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් හමු වූ කාන්තාවක් ලිංගික ව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලැබුවා.

සිද්ධියට අදාළ නඩු විභාගය දවස් 4 ක් පැවති අතර එහි තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු සාරා හියුගම් දන්වා සිටියේ අදාළ කාන්තාව නගන ලද සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ධනුෂ්ක නිවැරදිකරු වන බවයි.