අවාරයේ සිරිපා කරුණාව ඇරඹෙයි

අවාරයේ ශ්‍රිපාද වන්දනාව සඳහා රත්නපුර ශ්‍රි පාද මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය විවෘත කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

රත්නපුර ශ්‍රිපාද මාර්ගයේ පවනැල්ල පොලිස් මුරපොළ පැවති ස්ථානයේ බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුවක් ස්ථාපත කර ඇති අතර, නල්ලතන්නි බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුව නල්ලතන්නි අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාපිත කර තිබෙනවා.

මෙම බලපත්‍ර කවුළු දිනපතා සවස 06 සිට පසුදින උදෑසන 10 තෙක් විවෘත කර තැබෙනු ඇත.

මේ හැරුණු කොට ශ්‍රිපාදයට ඇතුළු වන අනෙකුත් මාර්ග වන කුරුවිට, දෙහෙනකන්ද, මාරිගොඩ යන මාර්ග වසා තැබෙන බැවින් එම මාර්ගවලින් රක්ෂිතයට ඇතුළු වීම තහනම් බව යි දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

එසේම බලපත්‍ර නොමැති ව ශ්‍රිපාද රක්ෂිතයට ඇතුළු වන සංචාරකයන්ට එරෙහි ව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක අඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.