දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂාව තදින්ම කිරීමට පියවර

ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන මූලික කරගනිමින් මෙම වැටලීම් සිදුකරන බව වාර්තා වෙන්නේ.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියත් සමග දුම්රිය මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු තාවකාලිකව නතරවී තිබීම හේතුවෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කිරීමට වැඩි වශයෙන් ‍පෙළඹී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අතර අගෝස්තු මාසයේ සිට මේ දක්වා වූ කාලසීමාව තුළ මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මගීන් 72 දෙනෙකුගෙන් දඩ වශයෙන් රුපියල් 225,000 කට ආසන්න මුදලක් අය කරගෙන තිබෙනවා.