ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කළද, එම සංචාරය නිසා රටට හිතකර ප්රතිලාභ රැසක් හිමි වනු ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරනවා.
ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම අනෙකුත් ලෝක බලවතුන් සමඟ පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ජනාධිපතිවරයාගේ මෙහිදී අවස්ථාව ලැබුණු බව යි ඔහු පෙන්වා දෙන්නේ.
එහි දී සැසිවාරයට එක්ව සිටී රාජ්‍ය නායකයන් රැසක් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක් පැවැත්වූ අතර සාර්ථකව පැවති එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ඉදිරියේ දී ප්රතිලාභ රැසක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

