රටපුරා තිබෙන සියලුම සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කර ඒවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නව නීති මාලාවක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත එම නියාමන ක්‍රියාවලිය සකස් කිරීමට දැනටමත් ආරම්භ කර ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
එසේම සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම, ඒවායින් වාර්ෂික බද්දක් සහ ලියාපදිංචි ගාස්තුවක් අයකිරීම ආදී කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තම සංගමය සමඟ එකඟතාවයන්ට එළැඹී ඇති බවයි වාර්තා වෙන්නේ.

