සිනොපෙක් සිල්ලර ඉන්ධන බෙදා හැරීම නිල වශයෙන් අරඹයි

චයිනා පෙට්‍රෝලියම් සහ කෙමිකල් කෝපරේෂන් හෙවත් Sinopec සමාගම හි ශ්‍රී ලංකාව තුළ සිල්ලර ඉන්ධන බෙදා හැරීමේ කටයුතු නිල වශයෙන් ඊයේ දිනයේ ආරම්භ කර තිබෙනවා.

දැනට සිනොපෙක් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 150ක් හරහා සිය බෙදා හැරීමේ කරයුතු සිදු කරන අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ස්ථාපිත කිරීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ.

ස්ථාවර, තිරසාර ඉහළ ප්‍රමිතියේ තෙල් සැපයුමක් සිදු කිරීම සඳහා ප්‍රතිඥාවක් ලබා දී ඇති බවයි සයිනෝපෙක් එනර්ජි ලංකා පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරි වැන්ග් හයිනි මහතා ප්‍රකාශ කරන්නේ.