කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ වෙඩිපිටියේ පිපිරීමක් වාර්තා වී තිබෙනවා.
පිපිරීමෙන් එක් නායක ගුවන් හමුදා භටයෙක් ජිවිතක්ෂයට පත් වී ඇති අතර තවත් එක් අයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
එම රෝහල් ගත කර ඇති ගුවන් භටයාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවයි සඳහන් වෙන්නේ.
අද පස්වරුවේ කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රිය කරන ස්ථානයේ දී මෙම පිපිරිම සිදු වී තිබෙනවා.

