කොළඹ වරාය නගරය මූල්‍ය කලාපයක් බවට පත් කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.
නව නීතිය මඟින් වරාය නගරය ‘කොළඹ මූල්‍ය කලාපයක්’ බවට පරිවර්තනය කරන බව යි කොළඹ හිල්ටන් හෝටලයේ පැවති 2023 වාණිජ සමථ සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.
මේ වසර අවසන් වන විට අදාළ නීති සම්පාදනය කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති වික්‍රමසිංහ මහතා එහි දී වැඩිදුරටත් පවසා තිබෙනවා.

