ප්රදේශ කිහිපයකට SMS හරහා ජල බිල්පත් ලබා දීමේ ක්රමවේදයක් ආරම්භ කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
එහි පළමු පියවර ලෙස දකුණු කොළඹ, මහනුවර දකුණ, පොළොන්නරුව සහ ත්රිකුණාමලය යන ප්රදේශවලට ලබන ඔක්තෝම්බර් පළමුවෙනිදා සිට SMS හරහා ජල බිල්පත ලබා දීමට නියමිත ය.
එසේම ලබන වසරේ ජනවාරි පළමුවෙනි දා සිට මෙම ක්රමවේදය දිවයින පුර ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

