දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාව විසින් මෙරටට ලබාදීම සඳහා ඉන්දියාව එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමග භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් කිහිපයක් මෙලෙස ලබා දීමට එකඟතාවය පළ කර තිබෙනවා.
එම එන්ජින් ශ්‍රී ලංකාව සඳහා යෝග්‍ය වේ දැයි සොයා බැලීමට තාක්ෂණික කණ්ඩායමක් ඉදිරියේ දී ඉන්දියාව වෙත පිටත් වීමට නිය්යමිත අතර ඉන් පසුව එම එන්ජින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ.

