පිලිපීනය දකුණු චීන මුහුදේ වූ බාධකයක් ඉවත් කරයි

පිලිපීන වෙරළාරක්ෂක බළකාය විසින් දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති ප්‍රදේශයක චීනය විසින් ස්ථාපනය කර ඇති පාවෙන බාධකයක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් ගේ උපදෙස් අනුව දියත් කරන ලද විශේෂ මෙහෙයුමක් අතරතුර දී මෙම ඉවත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔවුන් සඳහන් කරන්නේ මෙම බාධකය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් එම ප්‍රදේශයට පිලිපීන ධීවර යාත්‍රා ඇතුළු වීම වළකාලමින් පනවා ඇති බව යි.

සම්පූර්ණ දකුණු චීන මුහුදේම සිය අණසක පතුරා ඇති චීනය විසින් 2012 වසරේ, චීනය විසින් තමන්ට අයිති යැයි පවසන, ස්කාර්බරෝ ෂෝල් ද තම පාලනයට නතු කර ගත් අතර ඒ හරහා ඒ පිලිපීන ජනතාවගේ සම්ප්‍රදායික ධීවර කටයුතු වලට බාධා කිරීමක් ද සිදු විය.