ඉකුත් මාස 18 ක කාලය තුළ විශේෂඥ වෛද්‍යවරු 348 ක් සේවය හැර ගොසින් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටු වාර්තාවක සඳහන් වනවා.
එයින් වෛද්‍යවරුන් 272 වැටුප් රහිත නිවාඩු ලබා ගෙන රටින් පිටව ගොස් ඇති අතර තවත් 76 දෙනෙක් නොදන්වාම සේවයෙන් ඉවත් වී තිබෙනවා.
එසේම ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන් 850 දෙනෙක් ද 2022 ජුනි 1 සිට 2023 මැයි 31 වන දක්වා කාලය තුළ සේවය අත හැර ගොස් ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

