රහසිගතව හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට විරෝධය දක්වමින් දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කිරීමට සමස්ත ලංකා හෙද සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම විරෝධතාවය හෙට දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සිදු කිරීමට තීරණය කර ඇති බවයි සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්. බි. මැදවත්ත පවසන්නේ.
හෙද සේවක හිඟය හේතුවෙන් රෝහල් තුළ ඇති අර්බුදය විසඳීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බලධාරීන් හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පතක් රහසිගතව සකස් කරන බවටයි ඔහු චෝදනා කරන්නේ

