බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතයි

බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 2 දක්වා අත්හිටුවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතිනවා.

මීට සමගාමීව සබරගමුව පළාතේ සියලුම ආදායම් බලපත්‍ර ද මේ මස 27 හා ඔක්තෝම්බර් 02 දිනයන්වල නිකුත් කිරීමේ කවුළු වසා තබන බව ද සබරගමුව පළාතේ ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කරනවා.

එසේම බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි ලබන ඔක්තෝබර් 06 දක්වා මාර්ගගත ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවා තිබෙනවා.