2023 ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් තරගාවලියේ රන් පදක්කම හිමි කරගැනීමට ඉන්දීය කාන්තා ක්රිකට් කණ්ඩායම සමත් වී තිබෙනවා.
පළමුව පිටියට පිවිසි ඉන්දීය කාන්තා ක්රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 116ක් රැස් කර ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 25ක් සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 23ක් රැස්කරගත්තාය.
කෙසේවෙතත් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ශ්රී ලංකා කණ්ඩායමට රැස් කරගත හැකි වුයේ ලකුණු 97ක් පමණි.
මේ අනුව තරඟය ලකුණු 19 කින් ජය ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වූ අතර, ශ්රී ලංකා කණ්ඩායමට රිදී පදක්කම හිමි විය.

