දසුන්ගේ නායකත්වය එලෙසම

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ දැනට කණ්ඩායමේ නායක දසුන් ශානක විසින් ම දරනු ඇති බව නවතම ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේවෙතත් මෙවර ලෝක කුසලානය සඳහා පිටත්ව යන කණ්ඩායම තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර නොමැත.

ශ්‍රී ලංකාවට අමතරව බංගලාදේශය සහ පකිස්තානය තවමත් ලෝක කුසලානයට අදාළ සංචිත ප්‍රකාශයට පත් කර නොමැති අතර ඒ සඳහා ICC විසින් ලබා දී ඇති කාලය ලබන 28 වන දායින් අවසන් වනවා.