ඌරු මස් නිසා දෙවසරක සිර දඬුවමක් ලැබුණු TikTok තරුව

ඌරු මස් කෑමට පෙර ඉස්ලාමීය වාක්‍ය ඛණ්ඩයක් කියමින් TikTok හරහා වීඩියෝවක් ප්‍රචාරය කළ කාන්තාවකට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

33 හැවිරිදි Lina Lutfiawati නම් මෙම තැනැත්තිය ආගමික සහජීවනයට හානි කිරීම සහ ආගමික ගැටුම් ඇති වන ලෙස සමාජ මාධ්‍ය භාවිතා කිරීමට එරට අධිකරණය හමුවේ වරදකරු වී තිබෙනවා.

එසේම ඇයට ඩොලර් 16,245 ක දඩයක් ද නියෝග කර ඇති අතර යම් හෙයකින් එම මුදල ඇය නොගෙවන්නේ නම් ඇයගේ සිර දඬුවම මාස තුනකින් දීර්ඝ වනු ලබනවා.

Lina Lutfiawati ද මුස්ලිම් කාන්තාවක් බව පසුව අනාවරණය වී ඇති අතර ඇගේ ආගම අනුව ඌරු මස් ආහාරයට ගැනීම ඇයට තහනම් දෙයක් ද වනවා.