2023 ICC පිරිමි ලෝක කුසලානයේ නිල තේමා ගීතය අද නිකුත් කර තිබෙනවා.
‘Dil Jashn Bole’ ලෙස නම් කර ඇති එය Sloke Lal සහ Saaveri Verma විසින් රචනා කර ඉන්දීය සංගීතඥ ප්‍රීතම් චක්‍රබෝර්ති විසින් සංගීත අධ්‍යක්ෂණය කර තිබෙනවා.
එහි වීඩියෝ පටය සඳහා ඉන්දීය බොලිවුඩ් නළු රන්වීර් සිං සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුස්වේන්ද්‍ර වර්මා ගේ බිරිඳ වන ධනශ්‍රි වර්මා රංගනයෙන් දායක වනු ලබනවා.
මෙවර ICC ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාව විසින් දරනු ලබන අතර එය ලබන ඔක්තෝබර් 5 සිට නොවැම්බර් 19 දක්වා අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත යි.

